මිලින්ද ප්‍රශ්ණය
පුජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
මිළින්ද ප්‍රශ්ණය කියවන්නට CLICK බාගත කරගන්න මෙතැනින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව්වන සහ පස්‌වන සියවස් අතර කාලයේ දඹදිව මද්ද රටෙහි අගනුවර වූ සාගල (දකුණු පඤ්ජාබයේ සියල්කෝට්) වාසය කළ මිනෙන්ඩර් (මිළිඳු/මිළින්ද) නමැති යවන (ග්‍රීක) රජෙකු විසින් අසන ලද ප්‍රශ්නයන්ට නාගසේන නම් රහතන් වහන්සේ කෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබූ ධර්මානුකූල පිළිතුරු අන්තර්ගත කෘතියක් ලෙස "මිළින්ද ප්‍රශ්නය" හඳුන්වා දිය හැකිය. මෙම මිළින්ද ප්‍රශ්නය ධර්මාශෝක රජුගේ කාලයෙන් පසුව ඇති වූවක් ලෙස පිළිගනු ලබන අතර, ක්‍රි.ව. 1 වන සියවසේ පමණ රචිත කෘතියක් සේ සැලකේ. මුලදී සකු බසින් රචිත වූ මෙම ග්‍රන්ථය "මිළින්ද පඤaහ" නමින් පසුව පාලියට නගා තිබේ. මෙම මිළින්ද ප්‍රශ්නය සිංහලයට පරිවර්තනය කරනු ලැබුයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආරාධනය පරිදි මල්වතු මහා විහාරයේ වැඩසිටි හීනටිකුඹුරේ සුමංගල හිමියන් විසිනි. උන්වහන්සේ විසින් සිංහල මිළින්ද ප්‍රශ්නය හඳුන්වා දෙනු ලැබුයේ "සද්ධර්මදාස" (සදහම් කැඩපත) යන නමිනි. අභිධර්ම පිටකය හා විශුද්ධි මාර්ගය හැරුණු විට පාලි සාහිත්‍යයට අයත් අනෙක් කෘතීන් අතර වැදගත්කමක් උසුලනුයේ විමුක්‌තිමග්ගය හා මිළින්ද ප්‍රශ්නයයි. ථෙරවාදීන්ගේ අභිධර්ම ග්‍රන්ථයන් හඳුන්වනුයේ "ප්‍රකරණ" නමිනි. ත්‍රිපිටකයත් අටුවා සම්පාදනය වූ කාලයටත් අතර කාලවකවානුව තුළ ලියවුනේ යෑයි සැලකෙන මිළින්ද ප්‍රශ්නයද ප්‍රකරණ ග්‍රන්ථ ගණයෙහිලා සලකනු ලබයි. මිළින්ද ප්‍රශ්නයේ දැක්‌වෙන අන්දමට මිළිඳු රජු අලසන්දාවට (ඇලෙක්‌සැන්ඩි්‍රයාවට) නුදුරු "කලසි" නම් ග්‍රාමයේ උපන්නෙකි. මහා ඇලෙක්‌සැන්ඩර් රජුගේ මරණින් පසුව එවකට සිටි ග්‍රීක රජවරු කාබුල් නදිය තරණය කොට ඉන්දියාව ආක්‍රමණය කරනු ලැබීය. එලෙස ඉන්දියාව ආක්‍රමණය කළ මිළිඳු රජු ක්‍රිස්‌තු පූර්ව 180-160 අතර රාජ්‍ය පාලනය කළේය. ඔහුගේ රාජධානිය කාබුල්, මථුරා, කාශ්මීර, ගුජරාටි යනාදී ප්‍රදේශ කරාද පැතිර පැවතුනි. ඔහු කාසි වර්ග 5 ක් නිකුත් කළේය. එම කාසිවල එක් පැත්තක Men Ander (තේරුම ආඥ චක්‍රවර්ති) යනුවෙන්ද ඛරොෂ්ටි අක්‍ෂරවලින් "මම බෞද්ධයෙක්‌මි" යනුවෙන් සඳහන් කර තිබූ බව සඳහන්ය. මිළිඳු රජුගේ කාලයේදී "පුෂ්‍ය මිත්‍ර" නමැති බ්‍රාහ්මණ වංශිකයෙක් බෞද්ධයන්ට මහත් පීඩා කරනු ලැබීය. මෙම පුෂ්‍ය මිත්‍ර පරාජයට පත්කොට බෞද්ධයන්ගේ අයිතිය ලබා දීමට මිළිඳු රජු කටයුතු කළේය. මේ නිසා මිළිඳු රජු විසින් නිකුත් කරනු ලැබූ කාසි වල ඔහු තමා "මුක්‌තිදාසයකු" (Saviour) යනුවෙන් හඳුන්වා දී තිබේ. මොහුගේ තවත් කාසිවල "මහරාජ ධ්‍රමිකස මිනන්ද්‍රස" යනුවෙන්ද සඳහන්වී ඇති බවත් අනෙක් පැත්තේ බුද්ධ රූපයක් තිබූ බවත් සඳහන් වේ. මින් "ධ්‍රමිකස" යන්නෙන් අර්ථවත් වූයේ "ධම්මික" යන පාලි වචනයේ අර්ථය බව උගතුන්ගේ විශ්වාසයයි. නාගසේන හිමියන් හිමාලය සමීපයේ "කජංගල" නම් ග්‍රාමයේ සෝනුත්තර නම් බ්‍රාහ්මණයාගේ පුත්‍රයාය. බාල කාලයේදී බ්‍රාහ්මණයන්ගේ ශිල්ප ශාස්‌ත්‍ර උගත් නාගසේන හිමියන් බුදු දහම දෙසට නැඹුරු වන්නේ රෝහණ නමැති උගත් භික්‍ෂු නමක් හමුවීමෙනි. මෙම රෝහණ තෙරුන් ගුරුකොට මහණ වූ නාගසේන හිමියන් අශ්ව ගුප්ත ස්‌ථවීරයන්ගේත්, ආචාර්ය ධර්ම රක්‍ෂිත ස්‌ථවිරයන්ගේත් ශිෂ්‍යයෙකි. මිළිඳු රජු හා නාගසේන හිමියන් අතර ඇති වූ ධර්ම සාකච්ඡාව පළමු දිනයේදී පැවැතියේ සාගල පුරයෙහි අසඬඛෙය්‍ය නම් පිරිවෙනහිය. මිළිඳු රජු යවනයින් පන්සියයක් සමඟ මෙම සාකච්ඡාවට පැමිණි බව සඳහන්ය. දෙවැනි දිනයේ පටන් නාගසේන හිමියන්ව රජ මාළිගයට වැඩමවා සාකච්ඡා කළ බව සඳහන්ය. මිළිඳු - නාගසේන සංවාදය සඳහා බොහෝ මැති ඇමතිවරුන්ද සහභාගි වී ඇත. ඒ අතර අනත්තකාය (ඇන්ටියෝකස්) සබ්බදින්ත, මඬකුර, දෙවමන්ත්‍රි (ඩෙමටි්‍රයස්) ප්‍රධාන වේ. මොවුන් බොහෝ විට ග්‍රීක සභ්‍යත්වයක් ඇත්තවුන් වීමට ඉඩ තිබේ. මිළිඳු නාගසේන සාකච්ඡාව සඳහා මිළිඳු නාගසේන හමුව සිදුවන්නේ ඒ දෙදෙනාම විසින් පෙර භවයකදී ලැබූ ප්‍රාර්ථනාවක බල මහිමයෙනි. ඒ පිළිබඳ නිදාන කථාව මෙසේය. කාශ්‍යප බුදුන් දවස ගඟක් අසබඩ මහා විහාරයක් විය. එම විහාර භික්‍ෂුන් සෑම දිනම බුදු ගුණ මෙනෙහි කරමින් මළුව අමදිති. එක් දිනක් භික්‍ෂුවක් සාමණේර නමකට ගොඩ කරනු ලැබූ කසළ ඉවත් කරන ලෙසට ඉල්ලා සිටියේය. නමුත් අකීකරු සාමණේර කෙනෙකු වූ හෙතෙම තුන්වරක් කියනු ලැබුවත් එය ඉටුකරනු නොලැබීය. ඉන්පසු භික්‍ෂුන්වහන්සේ එම සාමණේරයන්ට ඉදල් මිටෙන් පහරක් ගැසීය. කසළ ඉවත් නොකළහොත් තවත් ඉදල් මිටවල් කෑමට සිදුවන බව වටහාගත් සාමණේරයන් කසළ ඉවත් කළේය. එම කසළ ඉවත් කළ පිනෙන් නිවන් දක්‌නා තුරා උපනූපන් ජාතියෙහි තමාට තේජස් ඇතිවේවා යෑයිද, වාදයෙහි සමත්කම් ඇතිවේවා යෑයිද පැතීය. ඉදල් මිටෙන් පහර දුන් භික්‍ෂුවටද මෙම සාමණේරයන්ගේ ප්‍රාර්ථනාව ඇසුණෝය. එසේනම් මතු භවවලදී මොහු විමසන ප්‍රශ්නවලට කිසිදු පැකිලීමකින් තොරව පිළිතුරු දීමේ හැකියාව තමාටද ලැබේවායි එම භික්‍ෂුවද ප්‍රාර්ථනා කළේය. අනතුරුව කසළ ඉවත් කළ භික්‍ෂුව තම ප්‍රාර්ථනා බල මහිමයෙන් සාගල නුවර මිළිඳු රජු ලෙස උපත ලැබූ බවත්, මිදුල අතු ගෑ භික්‍ෂුවද තම ප්‍රාර්ථනා බල මහිමයෙන් කජංගල නම් ග්‍රාමයේ නාගසේන කුමාරයා නමින් ඉපිද නාගසේන හිමියන් නමින් පැවිදි දිවියට ඇතුළත් වූ බව සඳහන් වේ. මිළිඳු නාගසේන සාකච්ඡාව අන්තර්ගත වූ මිළින්ද ප්‍රශ්නය නමැති ග්‍රන්ථය රචනා වූ ආකාරය පිළිබඳව ප්‍රධාන මතවාද දෙකක් ඉදිරිපත් වී තිබේ. එනම්, මේ පිළිබඳව එක් මතවාදයකින් කියවෙන්නේ මිළිඳු රජුගේ ලේඛකාධිකරු විසින් රාජ්‍ය ලේඛනාගාරයේ තැම්පත් කර තිබූ බවත්, මිළිඳු රජුගේ ඇවෑමෙන් පසු ලේඛනාගාරයෙන් ගෙන එය ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කරනු ලැබූ බවත්ය. අනෙක් මතවාදය වන්නේ මිළිඳු - නාගසේන සංවාදය භික්‍ෂූන් වහන්සේලා විසින් ගාථාවන් රචනාකර මුඛ පරම්පාරවෙන් රැගෙන ආ බවයි. බුද්ධඝෝෂ හිමියන් ලංකාවට වැඩම කිරීමට පෙර "ඤාණෝදය" නමින් ප්‍රකරණ ග්‍රන්ථයක් කරනු ලැබූ බවද සඳහන් වේ. ඥානය පහළ වීමට හේතු වූ බැවින් "ඤාණෝදය" නම් වූ මෙම ග්‍රන්ථය මිළින්ද ප්‍රශ්න විවරණයක් බවටද ඇතැම්හු මත පළ කරති. එසේම බුද්ධඝෝෂ හිමියන්ගේ කෘති සඳහා මිළින්ද ප්‍රශ්නයෙන් යම් යම් කරුණු උපුටා ගෙන ඇති බවද සඳහන් වේ. මිළින්ද ප්‍රශ්නයේ රචනය ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්‌විය හැකිය. එනම්, පළමු කොටස පරිච්ඡේද සතකින් යුක්‌ත "මිළින්ද පඤාහානං පුච්ඡා විස්‌සජවිනා සවත්තා යනුවෙන් අවසන් වන කොටසයි. දෙවනි කොටස "හස්‌සප්පවේදී චෙත්‍යඬිඬි අති බුඬි විචක්‌ඛණො" යන ගාථාවෙන් අවසන් වන කොටසයි. තෙවන කොටස "උපමා කථා පඤ්හ" නමින් හැදින්වෙන කොටසයි. මෙම මිළිඳු - නාගසේන සාකච්ඡාව "සුහදව කෙරෙන සාකච්ඡා" ගණයට ඇතුළත් කළ හැකිය. එය වාදයක් ලෙස පිළිගැනීම හා අර්ථකථනය කර දැක්‌වීම යෝග්‍ය නොවේ. මන්ද මිළින්ද ප්‍රශ්නය තුළින් ප්‍රකට වන්නේ තර්කය විතර්කයෙන්ම පරාජය කිරීමට උත්සාහ දැරීමක් නොව මතභේදයට තුඩුදුන් කරුණු උපමා රූපක භාවිත කරමින් ඉතාමත් සුහද ආකාරයෙන් නිරාකරණය කරදීමට උත්සාහ දැරීමකි. මිළින්ද ප්‍රශ්නයේ ආරම්භක කතාව එම සංවාදය කුමන ගණයේ සංවාදයක්‌ද යන්නත්, එය සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්‌ද යන්න පිළිබඳවත් අවබෝධයක් ලබා දී තිබේ. එහිදී මිළිඳු රජු පෙන්වා දෙන්නේ තමා රාජ වාදයෙන් නොව පණ්‌ඩිතවාදයෙන් සංවාදයට එක්‌වන බවකි. එය වනාහි කරුණු පැහැදිලි කර ගැනීම අරමුණු කර ගන්නා වූ සුහද සාකච්ඡාවකි. මේ අනුව මිළිඳු රජු හුදෙක් නාගසේන හිමියන් පරාජය කිරීමේ ෙච්තනාවෙන් තර්කයම අවියක් කොට ගෙන විවාදයට එක්‌වූවකු ලෙස පිළිගත නොහැකිය. නමුත් වාදයෙහි දක්‍ෂයෙකු වූ මෙතුමා සමඟ වාද කොට පැරදුනවුන් අතර ෂට් ශාස්‌තෘවරුන්ගේ ශ්‍රාවකයන්ද වූ බව සඳහන්ය. මිළිඳු රජුගේ ප්‍රශ්න විසඳීමේ ශක්‌තිය දෙවැනි වූයේ නාගසේන හිමියන්ගේ ප්‍රශ්න විසර්ජන ශක්‌තියට පමණි. මේ දෙදෙනාම වාදයෙහි අති දක්‍ෂයන් විය. මේ බව පහත සඳහන් සංවාදයෙන් මනාව ප්‍රකට වේ. මිළිඳු රජු - මට ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන. නාගසේන හිමි - හොඳයි අහන්න මිළිඳු රජු - මම ඒක ඇසුවා නාගසේන හිමි - මම ඒකට උත්තර දුන්නා. මිළිඳු රජු - මොකක්‌ද ඔබ වහන්සේ දීපු උත්තරය? නාගසේන හිමි - මොකක්‌ද ඔබ වහන්සේ අසපු ප්‍රශ්නය? ඉහත සංවාදය තුළින් පැහැදිලි වන්නේ මිළිඳු රජු සහ නාගසේන හිමියන් යන දෙදෙනාම එකිනෙකා, හා වාදයෙහි යෙදීමට සුදුසු සහ දක්‍ෂයන් වන බවයි. එසේම පණ්‌ඩිතයන් අතර ඇති වන්නා වූ සංවාදය කුමනාකාරයේ සංවාදයක්‌ද යන්නත් මේ තුළින් නිරූපණය වේ. මිළිඳු - නාගසේන සාකච්ඡාව ආරම්භ වන්නේ හින්දු දර්ශනයේ එන පුද්ගලවාදයෙනි. මිළිඳු රජු විසින් ඇසූ උපනිෂද් වැනි දර්ශනයන් තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූ, ආත්මය, පුනරුත්පත්තිය, කර්මය යනාදිය පිළිබඳව වූ ප්‍රශ්නයන්ය. මේ නිසා මිළිඳු රජු විසින් උත්සාහ දරා ඇත්තේ තත් කාලීන භාරතයේ පැවැති අනෙකුත් ආගමික සහ දාර්ශනික මතවාද තුළින් පැන නැගුණු ගැටලු බුදු දහම තුළින් නිරාකරණය කර ගැනීමට උත්සාහ දැරීමක් ලෙසටද අර්ථකථනය කළ හැකිය. ස්‌වාමීනි ඔබ වහන්සේගේ නම කුමක්‌ද? යන පැනය අසමින් මිළිඳු රජු තම පළමු සාකච්ඡාව ආරම්භ කරයි. ඊට පිළිතුරු ලෙස නාගසේන හිමියන් දක්‌වන්නේ "මහ රජාණෙනි, නාගසේන යන නමින් මට ආමන්ත්‍රණය කෙරෙති. එතකුදු වූවත් එය සංඥා මාත්‍රයකි. පරමාර්ථ වශයෙන් එක් පුරුෂයෙක් (ආත්මයක්) නැත. යනුවෙනි. ත්‍රිපිටකයේ හැරුණු විට ආත්මවාදය ඛණ්‌ඩනය වන පැහැදිලිම අවස්‌ථාව මෙයයි. මිළිඳු රජු විසින් ඉහත අසන්නට යෙදුණු පැනයට බුදු දහමේ ඉගැන්වෙන අනාත්මවාදී චින්තනය පැහැදිලිව හා නිරවුල්ව උචිත නිදසුන් දක්‌වමින් අවබෝධ කර දීමට නාගසේන හිමියන් උත්සාහ දරා තිබේ. මිළින්ද ප්‍රශ්නයේ එන මෙම පුද්ගල ප්‍රශ්නය කථාවත්ථුප්පකරණයේද දක්‌නට ලැබේ. මිළින්ද ප්‍රශ්නයේදී පුද්ගලයා උපමා කරනු ලැබුයේ රථයකටය. එනම්, රථ, රෝදය, සැකිල්ල, වහල, මැදුරු යන සියල්ලම එක් වූ කල අප ඊට "රථය" යනුවෙන් ව්‍යවහාර කරනු ලබයි. නමුත් රථය සෑදී ඇති එක් එක් කොටස්, කොටස් වශයෙන් වෙන් කර දැක්‌වූ විට "රථය" යනුවෙන් හැඳින්විය නොහැක්‌කාක් මෙන් රූප, වේදනා, සංඥ, සංස්‌කාර, විඥන යන පංචස්‌කන්ධයන් එක්‌වූ කල" සත්ත්වයා" යනුවෙන් ව්‍යවහාර වන බවත් දක්‌වා තිබේ. මෙම රථ උපමාව බෞද්ධ සාහිත්‍යයේ බොහෝ තැන්වල යෙදුණු උපමාවකි. ආජීවකයන් තමන්ගේ ත්‍රිකෝටික නය ක්‍රමය පැහැදිලි කර ගැනීමට නිදසුන් ලෙස යොදා ගන්නේද මෙවැනිම රථ උපමාවකි. මිළිඳු රජු සහ නාගසේන හිමියන් අතර ඇති වූ මෙම ධර්ම සාකච්ඡාව එක්‌තරා ආකාරයකට ද්විකෝටිකය සහ චතුෂ්කෝටිකය අතර ගැටීමක් ලෙසද අර්ථකථනය කළ හැකිය. නාගසේන හිමියන් පරවාද මථනය සඳහා බොහෝවිට උපමාවන්ගේ සහ නිදර්ශනයන්ගේ පිහිට පතනු ලැබූවද ඇතැම් අවස්‌ථාවලදී චතුෂ්ටිකෝටික තර්ක ක්‍රමය පදනම් වී පිළිතුරු ඉදිරිපත් කිරීමක්‌ද දක්‌නට ලැබේ. නිදසුන් ලෙස මිළිඳු රජු විසින් "මවු කුසින් බිහිවන සත්වයා මිය යන තෙක්‌ම ඔහුම වේද? නැතහොත් වෙනත් ආකාර කෙනෙක් වේද?" යනුවෙන් අසනු ලැබූ පැනයට පිළිතුරු ලෙසින් නාගසේන හිමියන් දැක්‌වූයේ ඔහුත් නොවේ. අන් අයෙකුත් නොවේ." යනුවෙනි. මෙය චතුෂ්කොටික තර්ක ක්‍රමයේ සතර වන අවස්‌ථාව (ඇත්තේද නැත නැත්තේද නැත) පිළිබිඹු කරයි. එසේම මිළිඳු රජු විසින් අසනු ලැබූ පැනය ද්වි කෝටික තර්ක ක්‍රමය මත පදනම් වූවකි. මෙය උපමාවකින්ද පැහැදිලි කර තිබේ. එනම්, දොවන ලද කිරි දවසක් ගත වූ කල දී කිරි වන බවත්, දී කිරි වෙඬරු වන බවත්, මේ ආකාරයට කෙනෙක් උපදින බවත්, වෙනත් කෙනෙක් මිය යන බවත් දක්‌වා තිබේ. මිළිඳු නාගසේන සාකච්ඡාව උභතෝකෝටික ප්‍රශ්න නිරාකරණය කර දැක්‌වීම සඳහා ද යොමුවී තිබේ. මෙණ්‌ඩක ප්‍රශ්නය තුළින් නිරූපණය වන්නේ බුදු දහමේ සඳහන් ඇතැම් කරුණු පිළිබඳව මතු වූ උභතෝකෝටික ප්‍රශ්න විසර්ජනයකි. දුස්‌සීල, පඤ්හ, සුපින පඤ්හ, අකාලමරණ පඤ්හ යනාදී ප්‍රශ්න වර්තමාන ලෝකයේ දියුණුවත් සමඟ පැන නැගී ඇති ප්‍රශ්න සහ ඒවාට ලබා ගත හැකි විසඳුම් ලෙසද හදුන්වා දිය හැකිය. නාගසේන හිමියන් සමඟ කරනු ලැබූ සංවාදයෙන් පසු මිළිඳු රජු සිය පුතුට රාජ්‍ය පවරා දී පැවිදි වී රහත් වූ බව සඳහන් වේ. නමුත් ඇතැම් ඉතිහාසඥයෝ මිළිඳු රජුගේ පැවිදීවීම පිළි නොගනිත්. කරුණු කෙසේ වූවද බුදු දහම තුළ අන්තර්ගත වන්නා වූ ගැඹුරු ධර්ම කරුණු, තර්ක ක්‍රමය, තත්කාලීන භාරතයේ පැවැති අන්‍ය ආගමික මතවාදයන් මෙන්ම දාර්ශනික මතවාදයන් පිළිබඳව වූ මනා වැටහීමක් මිළිඳු නාගසේන සාකච්ඡාව කෙරෙන් උද්දීපනය වන බව කිය යුතුය. සී. කේ. අත්තනායක
Chapters
50:42
57:13
59:14
54:59
45:06
47:17
1:03:30
57:01
53:58
1:01:52
49:29
1:00:10
1:06:47
57:13
54:36
51:31
59:31
48:39
53:32
49:58
52:13
50:28
52:58
48:37
47:28
51:46
53:09
48:11
49:23
49:04
45:38
48:46
50:59
45:48
45:35
52:24
44:18
43:03
50:06
48:09
42:39
43:29
51:44
41:24
1:28:25
41:48
45:55
44:33
55:13
53:39
55:09
52:20
1:01:06
57:03
53:59
52:07
55:56
53:31
50:59
51:49
53:49
56:34
45:50
55:55
53:52
51:09