Skip to main content.

බක් මී විල්ලුව - පැරැණි සිංහල චිත්‍රපට ගීත එකතුව

රන්ගිරි මධු රසාංජලි CLICK රන්ගිරි අමරණීය මතක සුවඳ CLICK රාජ්‍ය සංගීත සම්මානයෙන් පුද ලද ප්‍රශස්‌තම වැඩසටහන රංගිරි ශ්‍රී ලංකා 'බක්‌මී විල්ලුව' 2015 රාජ්‍ය සංගීත සම්මාන උළෙල පසුගියදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී වසරේ ප්‍රශස්‌තම ගායක ගායිකා යුගලය, ප්‍රශස්‌තම නවක ගායක ගායිකා යුගලය ඇතුළු ගායන හා වාදන ක්‍ෂේත්‍රයේ අංශ ගණනාවකට රාජ්‍ය සංගීත සම්මාන ප්‍රදානය සිදු කෙරිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ මෙම සම්මාන උළෙලේදී ගුවන් විදුලි සංගීත වැඩසටහන් සඳහා ද සම්මාන ප්‍රදානය සිදු කෙරිණි. එහිදී ප්‍රශස්‌තම ගුවන් විදුලි සංගීතමය වැඩසටහන (විවෘත) ලෙස රාජ්‍ය සම්මානයට පාත්‍ර වූයේ රංගිරි ශ්‍රී ලංකා එµa. එම්. ගුවන් විදුලි නාලිකාවේ විකාශය වන 'බක්‌මී විල්ලුව' ගුවන් විදුලි වැඩසටහනයි. එය නිෂ්පාදනය කර ඉදිරිපත් කරන්නේ අනුරාධ රෝහණ කපුකොටුව තරුණ ගුවන් විදුලි ශිල්පියාය. 2014 වසරේදී ද මෙම සම්මානය දිනාගනු ලැබුවේ අනුරාධ විසින්ම වීම විශේෂත්වයකි. නමුත් ඒ මෙම වැඩසටහනට නොව ඉරිදා රාත්‍රි 9.30 ට විකාශය වන 'මධුරසාංජලී' වැඩසටහන සඳහාය. අනුරාධ රෝහණ කපුකොටුව තරුණ සන්නිවේදකයා රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්‌සේ සංගීත ක්‍ෂේත්‍රය දිග්විජය කළ ශිල්පියෙකි. ඔහු 'බක්‌මී විල්ලුව' (සෙනසුරාදා රාත්‍රි 9.30) හා 'මධුරසාංජලී' ට අමතරව ශ්‍රාවකයන් අතර අතිශ ජනප්‍රිය තවත් ගුවන් විදුලි සංගීතමය වැඩසටහන් දෙකක්‌ ද නිෂ්පාදනය කර ඉදිරිපත් කරයි. ඒ 'අමරණීය මතක සුවඳ' (සිකුරාදා රාත්‍රි 9.30) සහ සෙනසුරාදා පෙරවරු 8.30 ට විකාශය වන 'ශනිදා සංවාදය' වශයෙනි. මෙම වැඩසටහන් හතරම සංගීතයට ලැදි ශ්‍රාවකයා ඇදබැඳ තබාගන්නා වැඩසටහන් වීම ද විශේෂයකි. එවන් විටෙක ඔහු රාජ්‍ය සංගීත සම්මානයකින් පුද ලැබීම අරුමයක්‌ ද නොවේ. රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි නාලිකාව දඹුල්ල උයන්වත්ත රජමහා විහාරයේ සිට විකාශය කෙරෙන දේශීයත්වය, ශාස්‌ත්‍රීයත්වය, රටේ උරුමය මත පදනම් වූ බෞද්ධ නාලිකාවකි. එය අද අතිශය ජනප්‍රිය නාලිකාවක්‌ ලෙස ශ්‍රාවකයා අතර නමක්‌ දිනාගෙන ඇත. අනුරාධගේ සම්මානය ඊට නිදසුන් සපයයි. ඔහුටත් ඔහුගේ සංගීත වැඩසටහන්වලට හා රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියටත් අප ශුභාශිංසන පිරිනමන මේ මොහොතේ අනුරාධ රෝහණ කපුකොටුවගේ වචනයකට ද කන්දීමු එහිදී ඔහු ප්‍රකාශ කළේ ඔහුගේ මෙම නිර්මාණ කාර්යය සඳහා සියලුම සහාය, නිදහස ලබාදෙන රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් පූජ්‍ය ඉනාමළුවේ සුමංගල නාහිමිපාණන් ඇතුළු සමස්‌ත කාර්ය මණ්‌ඩලයත්, තම නිර්මාණ අගයමින් තමන් දිරිමත් කරන ශ්‍රාවක සමූහයා ද මේ මොහොතේ ගෞරව භක්‌ති ප්‍රණාමයෙන් සිහිකරන බවයි. අමරණීය මතක සුවඳ    මධු රසාන්ජලි

Chapters

2017-12-02-බක් මී විල්ලුව

40:26

2017-12-08-බක් මී විල්ලුව

42:30

2018-06-23-බක් මී විල්ලුව

44:20

2018-07-14-බක් මී විල්ලු

30:00

2018-08-03 බක් මී විල්ලුව

40:09

2019-03-02 බක් මී විල්ලුව

42:44

2019-03-17 බක් මී විල්ලුව

34:52

2019-03-30 බක් මී විල්ලුව

42:13

2019-06-15 බක් මී විල්ලුව

51:35

2020-05-09 බක් මී විල්ලුව

43:11

2020-05-16 බක් මී විල්ලුව

40:14

2020-05-23 බක් මී විල්ලුව

40:15

2020-05-30 බක් මී විල්ලුව

41:20

2020-06-07 බක් මී විල්ලුව

43:14

2020-06-14 බක් මී විල්ලුව

46:18

2020-06-18 බක් මී විල්ලුව

42:30

2020-06-21 බක් මී විල්ලුව

40:58

2020-06-27-බක් මි විල්ලුව

44:37

2020-07-11 බක් මි විල්ලුව

38:23

2020-07-18 බක් මී විල්ලුව

43:46

2020-07-25-බක් මී විල්ලුව -

43:50

2020-07-25-බක් මී විල්ලුව

43:50

2020-08-08 බක් මී විල්ලුව

41:39

2020-08-15 බක් මී විල්ලුව

42:48

2020-08-22 සැලේ මහද සැලේ සැලේ

39:19

2020-08-29 බක් මී විල්ලුව

47:16

2020-09-05 බක් මි විල්ලුව

45:21

2020-09-12 ජෝති සහ ඇන්ජලින්

45:46

2020-09-19 දකුණු ඉන්දියානු ශිල්පීන්

45:54

2020-09-26 බක් මී විල්ලුව

38:09

2020-10-03 බක් මී විල්ලුව

41:27

2020-10-10 අම්මා ගැන ගැයූ තුති ගී

43:05

2020-10-17 වල්පොල යුවල ගේ ගී

44:53

2020-10-24 සුජාතා අත්තනායක ගැයූ ගී

44:01