RET 01 Kajjaniya Sutta
Most Ven. U Dhammajiva Maha Thero
Kajjaniya Sutta - ඛජ්ජනීය සූත්‍රය පූර්වේ නිවාස නුවණින් අතීතය මෙනෙහි කරන්නන් උපාදානස්කන්‍ධ පංචකයම මෙනෙහි කරන බැව් දැක්වේ. එක් එක් ස්කන්‍ධය විස්තරයද කෙරේ. අතීතයේ දී ස්කන්‍ධයන් විසින් තමන් පෙලනු ලැබුයේ යැයි ද, අනාගතයේ දී පෙලනු ලබන්නේ යැයි ද, වර්තමානයේ පෙලනු ලැබේ යැයි ද, ප්‍රත්‍යවේක්ෂා කරමින්, ඒවායෙහි බලාපොරොත්තු නොතබා වර්තමාන පංචස්කන්‍ධයෙහි අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම භාවයන් හැම ආකාරයෙන්ම මෙනෙහි කිරීමෙන් ආත්ම දෘෂ්ටියෙන් ද පංචස්කන්‍ධයෙන් ද මිදී දෙවි බඹුන්ගේ නමස්කාර ලබන තත්ත්වයට පත්වන අන්දම විස්තර වේ. (උපුටාගැනීම: සූත්‍ර පිටක සූචිය සහිත සූත්‍රසම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර ද සිල්වා) < Back To Main Page
Chapters
1:21:45
24:46
1:33:28
1:34:22
1:31:55
24:32
1:37:35
1:05:20
1:47:06
1:46:27
1:20:08
1:23:50
39:09
1:43:04
56:51
51:45
1:27:36