දස සංඥා
රංජිත් දළුවත්ත
අනෙක් "සාකච්චා" ඇසීම සඳහා පහත ඇති බැනරය CLICK කරන්න 1. අනිත්‍ය සංඥාව (අනිච්චසඤ්ඤා) ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙසේ විමසීම: රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥාව අනිත්‍යයි සංස්කාර අනිත්‍යයි විඤ්ඤාණය අනිත්‍යයි 2. අනාත්ම සංඥාව (අනත්තසඤ්ඤා) ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙසේ විමසීම: ඇස අනාත්මයි, ඇසට පෙනෙන රූප අනාත්මයි කන අනාත්මයි, කනට ඇසෙන ශබ්ද අනාත්මයි නාසය අනාත්මයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනාත්මයි දිව අනාත්මයි, දිවට දැනෙන රස අනාත්මයි කය අනාත්මයි, කයට දැනෙන පහස අනාත්මයි මනස අනාත්මයි, මනසට දැනෙන අරමුණු අනාත්මයි 3. අසුභ සංඥාව (අසුභසඤ්ඤා) යටි පතුලෙන් උඩ සිට හිස් කෙස්වලින් පහළට සමකින් වැසී තිබෙන නානා ප්‍රකාර අසුචියෙන් පිරුණු මේ කය පිළිබඳ නුවණින් විමසීම. මේ ශරීරය යනු, කෙස්, ලොම්, නිය, දත්, සම මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඬුව හදවත, අක්මාව, දළබුව, ඇලදිව, පපු මස (පෙනහැල්ල) අතුණු, අතුණුබහන්, ආහාර, අසූචි, හිස් මොළ පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල් කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳ මිදුලු, මුත්‍ර මේ ආකාරයෙන් කය අසුභ වශයෙන් ප්‍රත්‍යවෙක්‍ෂා කිරීම. 4. ආදීනව සංඥාව (ආදීනවසඤ්ඤා) ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙසේ විමසීම: මේ කය බොහෝ දුක් තිබෙන, ආදීනව තිබෙන දෙයකි. මේ කයේ විවිධාකාර රෝගාබාධ උපදියි. ඇස් රෝග, කන් රෝග, නාස රෝග, දිවේ රෝග, කයේ රෝග, හිසේ රෝග, පිටි කනේ රෝග, මුඛ රෝග, දත් රෝග, ක්ෂය රෝග, ඇදුම රෝග, පීනස් රෝග, දාහ රෝග, උණ රෝග, කුසේ රෝග, සිහි මුර්ජා වීම, ලේ අතීසාර රෝග, අර්ශස් රෝග, කොලරා රෝග, කුෂ්ඨ රෝග, ගඩු රෝග, හමේ රෝග, ශ්වාස රෝග, අපස්මාර රෝග, දද රෝග, කඩුවේගන් රෝගය, කැසීමෙන් ගෙඩි හට ගත් රෝග, කැසීම් රෝග, පණු හොරි රෝගය, රත්පිත් රෝගය, දියවැඩියා රෝගය, අංශභාග රෝග, පිළිකා රෝග, භගන්දරා රෝගය, පිතෙන් හටගන්නා රෝග, සෙමෙන් හටගන්නා රෝග, වාතයෙන් හටගන්නා රෝග, තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝග, ඍතු විපර්යාසවලින් හටගන්නා රෝග, වැරදි ලෙස කය හැසිරවීමෙන් හටගන්නා රෝග, උපක්‍රමයෙන් හටගන්නා රෝග, කර්ම විපාකයෙන් හටගන්නා රෝග, සීතල, උණුසුම, කුසගින්න, පිපාසය, මලපහ කිරීම, මුත්‍රා කිරීම මේ අයුරින් කය පිළිබඳ ආදීනව නුවණින් දකිමින් වාසය කිරීම. 5. ප්‍රහාණ සංඥාව (පහානසඤ්ඤා) උපන්නා වූ කාම විතර්ක නොඉවසීම, අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම. උපන්නා වූ ව්‍යාපාද විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම. උපන්නා වූ විහිංසා විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම. උපනූපන් පාපී අකුසල විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම. 6. විරාග සංඥාව (විරාගසඤ්ඤා) ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් මෙසේ නුවණින් විමසීම: මෙය ශාන්ත ය. මෙය ප්‍රණීත ය. එනම් සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්ම දුරු වී ගිය, තණ්හාව ක්ෂය වී ගිය, විරාග වූ අමාමහ නිවනයි. 7. නිරෝධ සංඥාව (නිරොධසඤ්ඤා) ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් මෙසේ නුවණින් විමසීම: මෙය ශාන්ත ය. මෙය ප්‍රණීත ය. එනම් සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්ම දුරු වී ගිය, තණ්හාව ක්ෂය වී ගිය, දුක නිරුද්ධ වී ගිය අමාමහ නිවනයි. 8. සියලු ලෝකය පිළිබඳ නොඇලීමේ සංඥාව (සබ්බලොකෙ අනභිරතිසඤ්ඤා) ස්කන්ධ, ධාතු, ආයතන ලෝකය කෙරෙහි තිබෙන යම් බැසගැනීමක් තිබේද, බැඳීමක් ඇද්ද, චේතනාත්මක අදිටන් කිරීමක් ඇද්ද, අභ්‍යන්තරව කෙලෙස් පැවැත්වීමක් ඇද්ද, ඒවා දුරු කරමින්, නොබැඳෙමින්, නොඇලී සිටීම. 9. සියලු සංස්කාර පිළිබඳ අනිත්‍ය සංඥාව (සබ්බසඞ්ඛාරෙසු අනිච්ඡාසඤ්ඤා) සියලු සංස්කාර පිළිබඳ පීඩාවට පත් වීම, ලැජ්ජාවට පත් වීම, ගැරහීම, පිළිකුලට පත් වීම. 10. ආනාපානසතිය (ආනාපානස්සති) ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන භාවනා කරන අරමුණ පිළිබඳ සිහිය පිහිටුවාගෙන, සිහියෙන් යුතුව ම හුස්ම ගන්නවා. සිහියෙන් යුතුව ම හුස්ම හෙළනවා. දීර්ඝ ලෙස ආශ්වාස කරනවා නම් දීර්ඝ ලෙස ආශ්වාස කරමියි දැනගන්නවා. කෙටියෙන් ආශ්වාස කරනවා නම් කෙටියෙන් ආශ්වාස කරමියි දැනගන්නවා. සියලු කය පිළිබඳ ව මනා සංවේදී බවකින් යුතුව ආශ්වා SOURCE https://dahamkarunu.wordpress.com/2020/01/06/dasa-sanyawa/
Chapters
2021-07-05 අනිච්ච සංඥා | 1:00:06 |
2021-07-12 අනත්ත සංඥා | 59:48 |
2021-07-19 අසුබ සංඥා | 1:00:25 |
2021-07-26 ආදීනව සංඥා | 55:28 |
2021-08-01 පහාන සඥා | 59:36 |
2021-08-09 විරාග සඥාව හා නිරෝධ සඥාව | 54:48 |
2021-10-04 සබ්බලෝකේ අනභිරථ සඥා | 53:00 |
2021-10-11 සබ්බ සංකාරේසු අනිච්ච සඥා | 47:35 |
2021-10-18 ආනාපාන සති 1 | 54:08 |
2021-10-25 ආනාපාන සති 2 | 51:06 |