Ven Panadure Chandaratana


Few Dhamma Talks given by Ven Panadure Chandaratana at the Nissarana wanaya Forest Hermitage, Meethirigala  ’මහණෙනි, චතුස්සත්‍යය අවබෝධ කිරීමට පළමුවම, බුදු නොවූ, බෝධිසත්ත්‍වවූම මාහට මෙසේ අදහස් විය.  "ලෝකයෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? කියායි.’’  මට මෙසේ අදහස්විය. "ලෝකයෙහි යමක් නිසා සැපක්, සොම්නසක් උපදීද, මේ, ලෝකයෙහි ආශ්වාදයයි.’’ "යමක් ලෝකයෙහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවය ඇත්තේද, මේ, ලෝකයෙහි ආදීනවයයි. ’’ ලෝකයෙහි යම් ඡන්‍ද රාගය දුරුකිරීමක්, ඡන්‍ද රාගය පහකිරීමක් වේද, මේ ලොකයෙහි නිස්සරණයයි.’ "මහණෙනි, මම, යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත් නොදන්නෙම්ද ’’මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමියි ප්‍රතිඥා නොකෙළෙමි. " යම්තාක් කල් මෙසේ ලෝකයාගේ ආශ්වාදය, ආශ්වාදය වශයෙනුත්, ආදීනවය, ආදීනව වශයෙනුත්, නිස්සරණය, නිස්සරණය වශයෙනුත් අවබෝධ කෙළෙම්ද, මොනවට දැනගත්තෙම්ද, ’’මහණෙනි, ඒතාක් කල් මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමියි’’ප්‍රතිඥා කෙළෙමි.  මගේ අර්හත්ඵල සමාධිය වෙනස්කළ නොහැක. මේ මාගේ අන්තිම ජාතියයි.’’දැන් උත්පත්තියක් නැතැයි යන ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය පහළවිය.