සති විපන්න සුත්‍රය


’’ මහණෙනි, සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක ඇති නොවේ. ·      එසේ හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීමට හැකියාවක් ඇති නොවේ. ·      ඉඳුරන් සංවර කිරිමට හැකියාවක් නැති කල්හි ශීලය රැක ගැන්මක් සිදු නොවේ. ·   ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි සිතේ එකඟතාවයක් ඇති කර ගැන්ම නොහැකි වේ, ·      මනා හිත එකමුතුකම ඇති කරගන්නට අපොහොසත් වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීමක් ඇති කරගන්නට නොහැකි වෙයි. ·   තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ඇති නොවේ. ·   කලකිරීමෙන්වූ නොඇල්ම ඇති කර ගන්නට නොහැකිවුවහුට (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීමට හැකියාවක් ඇති නොවේ. ’’ මහණෙනි , යම් සේ ගසක්කොළ අතු වියැකී   මිරිකී ගියේ (-විපරීත වූයේද) එම ගසේ පතුරු වැඩීමට නොවැඩෙයි. පොත්තද නොවැඩෙයි එළයද නොවැඩෙයි. අරටුවද නොවැඩෙයි. . ·      මහණෙනි , මෙසේම සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසී යයි.  ·      හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නොහැකි වෙයි.   වේ. ·      ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය වැනැසීමට පත්ළං වෙයි. ·      ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනාවූ හිත එකඟකම නැසී යයි. ·      මනාවූ   චිත්ත එකාග්‍රතාවයක් නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීමට ඔහු අසමත් වේ. ·      තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීම නිසා ඇතිවන්නාවූ නොඇල්ම ඇති නොවේ. ·      කලකිරීමෙන්වූ නොඇල්ම ඇති නොවන්නවූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම නොහැකි වේ. ·      ’ ’ මහණෙනි, සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක පවතී.   ·      හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම පහසු වේ. ·      ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය පවත්වා ගැනීම පහසු වේ. ·        ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වේ. ·      තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ඇති වේ. ·      කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ඇති කර ගන්නට පහසු වේ.   ’’ මහණෙනි , යම් සේ ගසක් අතු කොළ සහිත වූයේ එහි පතුරුද පිරී වැඩීමට යයි. පොත්තද , එළයද , අරටුවද , පිරී වැඩීමට යයි.  මහණෙනි , මෙසේම  සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක  සහිත වෙයි.   හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම පහසු වේ.  ඉඳුරන් සංවර කිරීම පහසු වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලයෙහි පිහිටීම පහසු වේ.  ශීලයෙහි පිහිටීමට පහසු වූවහුට ශීලයෙහි පිහිටි කල්යහි  සියල්ල  තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ලැබීම පහසු වේ.  තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්මට පත් වීම පහසු වේ.  කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම නොහොත් දක්නා නුවණට ළංවීම් පහසු වේ