Samma Dhitthi Sutta by Sudassana Thero සම්මා දිට්ඨි සුත්‍රය


1.මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුහුවිසින් කරවන ලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’යි කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය. 2.“ඇවැත්නි, 'සම්‍යක්දෘෂ්ටියට පත්විය' , 'සම්‍යක්දෘෂ්ටිය (හරිදැකීම) ලැබීමි' යයිකියනු ලැබේ. [අටුවාව: සම්‍යක් දෘෂ්ඨිය දෙවැදෑරුම් ලෙස දැක්වේ. ලෞකිය සම්‍යක්දෘෂ්ටිය සහ ලෝකෝත්තර සම්‍යක්දෘෂ්ටිය වශයෙනි. එයිනුත් ලෞකිය සම්‍යක්දෘෂ්ටිය දෙවැදෑරුම්ය. කර්ම ඵල විස්වාසය, චතුරාර්ය සත්‍ය පිළිගැනීම. ලෝකෝත්තර සම්‍යක්දෘෂ්ටිය යනු මාර්ග ඵල පිලිවෙලින් චතුරාර්ය සත්‍ය පසක් කිරීමය. සාරිපුත්ත ස්වාමින්වහන්සේ අසන ලද ප්‍රශ්නය, ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් නිර්වාන මාර්ගයට පිළිපන්  “සේඛ” තත්වයට පත් ශ්‍රාවකයා සම්බන්ධවය.] ඇවැත්නි, ආර්ය ශ්‍රාවකයෙක් කෙසේනම්  තෙම කොපමණකින් සම්‍යක්දෘෂ්ටි ඇත්තේවේද? දෘෂ්ටිය සෘජු බවට පැමිණියාවේද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ ධර්මයට (නිර්වාණධර්මයට) පැමිණියේ වේද? ............. CLICK සම්පුර්ණ සුත්‍රය කියවන්න    CLICK මෙම දේශන පෙළ PDF පොතක් ලෙස බාගත කරගන්න .