MaduPindika-Sutta
රංජිත් දළුවත්ත
“මහණ, තෘෂ්ණා දෘෂ්ටි සහගතව ප්‍ර මාදයට හෙතුවන ප්‍රපංචයෝ මිනිසෙකු තුල පවතියි ද දොළොස් ආයතනයන් කෙරෙහි සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේ යයි කිව යුත්තක් නැත්තේද ඒ අරමුණු සුඛ, නිත්‍ය හා ආත්ම ලෙස ලෙස ගෙන අභිනන්දනය කලෙත් ද අභිවඩාද, අජෝ සාය තිට්ටති ලෙස නැවත නැවත සංස්ඛාර වඩාද එයින් ක්ලේශයන්ගේ වර්ධනයම වන්නේය, ඒ ප්‍රපංච ” “මහණ, යමක් හෙතුකොටගෙන තෘෂ්ණා, දෘෂ්ටි යයි කියන ලද ප්‍රමාදයට හෙතුවන ප්‍රපංච දුරු කරලීමට නම් ඔහු ‘මම’ ය , ‘මාගේ’ ය යන දිශ්ටියෙන් තමා ගන්නා කිසිම අරමුණක් සතුටුවීමට හේතුවක් ප්‍රීතිවීමට හේතුවක් ලෙස (අභිනන්දති.) නොගත යුතුය. ඒ අරමුණ අල්ලාගෙන නැවත මෙනෙහි කරමින් (මනෝ සංඛාරයන් මගින් සුඛ සඥා විඳිමින්) (අභිවඩති !!) නොසිටිය යුතුය. (අජෝසාය තිට්ටති !!!) රාග අනුසය මෙසේ දුරු කල යුතුය. දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද, මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය අරමුණ කෙරෙහි නොසතුටුව දෝස සිතින් පටිඝ මනෝ සංඛාර වැඩෙන සේ මෙනෙහි නොකළ යුතුය සතියෙන් හැම අරමුණක්ම දැකිය යුතුය. දෝස අනුසය දුරලිය යුතුය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, සැකය අවිස්වාසනීය බව ඇතිවන අරමුණු හමුවෙහි මේ අරමුණුද අනිචච දුක්ඛ අනාත්ම ධර්මයන්ට අඩංගු අරමුනු පමණක් බව මෙනෙහි කරමින් මෝහ අනුසය දුරලිය යුතුය. එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ (මාන) කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය, ද ඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථා කිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්”. ” READ FULL SUTTA
Chapters
01 MaduPindikaSutta 2016-01-15 | 1:31:40 |
02 MaduPindikaSutta 2016-01-16 | 1:30:23 |
03 MaduPindikaSutta 2016-01-17 | 1:25:32 |
04 MaduPindikaSutta 2016-01-18 | 1:23:06 |
05 MaduPindikaSutta 2016-01-19 | 1:22:41 |
06 MaduPindikaSutta 2016-01-20 | 1:22:38 |
07 MaduPindikaSutta 2016-01-21 | 1:25:26 |